Foreign

ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නාගේ “800” චරිතාපදාන චිත්‍රපට පෝස්ටරය එළිදකියි !

ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පුද ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ඇතුළත් “800” චරිතාපදාන චිත්‍රපටයක් එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට අදාළ පළමු ප්‍රචාරක පෝස්ටරය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

මෙම චිත්‍රපටියේ මුරලිදරන්ගේ චරිතයට පණ පෙවීමේ අවස්ථාව හිමිව ඇත්තේ ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක් වන Slumdog Millionaire චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වූ Madhurr Mittal හටයි.

මෙම නව සිනමා පටය භාෂා ත්‍රිත්ත්වයකින් හැඩගැන්වෙනු ඇති.

මෙය ”800” යනුවෙන් නම් කර ඇත්තේ මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙහි දවාගත් කඩුලු සංඛ්‍යාව සංකේතවත් කිරීම වෙනුවෙන්.

මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ MS Sripathy නමැත්තායි.

මෙම සිනමා පටයේ පළමු පෝස්ටරය අද දිනයේ දී නිකුත් කර ඇත්තේ මුත්තයියා මුරලිදරන්ගේ 51 වැනි ජන්ම දිනය අදට යෙදී තිබීම හේතුවෙන්.

Sinnasamy Muttiah සහ Lakshmi Muttiah දාව මහනුවර නගරයේ දී උත්පත්තිය ලැබූ මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක්, එක්දින කඩුලු 534ක්, පන්දුවාර 20 කඩුලු 13ක් සහ අයි.පී.එල්. කඩුලු 63ක් දවාගෙන තිබෙනවා.

වර්ෂ 1992 සිට 2010 වර්ෂය තෙක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය ද, 1993 සිට 2011 තෙක් එක්දින ක්‍රිකට් පිටිය ද , 2006 සිට 2010 තෙක් පන්දුවාර 20-20 තරග පිටිය සහ 2008-2014 තෙක් ඉන්දීය ප්‍රීමියර් ලීග් පිටිය ද මුරලිදරන්ගේ පන්දුවෙන් වර්ණවත් වුණා.

මුරලිදරන් පළමු වරට මංගල ටෙස්ට් තරග වරම් දිනා ගනු ලබන්නේ 1992 අගෝස්තු 28 වැනි දින ඔස්ට්‍රෙලියාවට එරෙහිවයි.

ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2010 ජුලි 18 වැනි දින අසල්වාසී ඉන්දියාවට එරෙහිවයි.

1993 අගෝස්තු 12 වැනිදින ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනා ගන්නා මුරලි, 2011 අප්‍රේල් 02 වැනි දින එක්දින පිටියෙන් සමුගන්නේ ද අවසන් එක්දින තරගය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින්.

එක්දින කමීස නිල අංකය 08න් කවදත් වැජඹුණු මුත්තයියා මුරලිදරන් නමැති මේ අද්විතීය ක්‍රීඩකයා 2010 ඔක්තෝම්බර් 31 තම අවසන් පන්දුවාර 20-20 තරගයට එක්වන්නේ ද ඔස්ට්‍රෙලියාවට එරෙහිවයි.

Right-arm off break පන්දු යවන්නෙකු ලෙසයි මෙම විශිෂ්ට පා දඟ පන්දු යවන්නා ක්‍රීඩා පොත් අතරට එක්වන්නේ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago