චීනය විසින් ශ්‍රී ලංකාවේ රිළවුන් ලබා ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු දැන ගැනීමෙන් පසු ඇමරිකාව ද මෙරටින් රිළවුන් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත. එනමුත්, ඇමරිකාවට අවශ්‍ය රිළවුන් සංඛ්‍යාව කොතෙක්දැයි තවම දැනුම්දී නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.
පළමුව චීනයට රිළවුන් ලක්ෂයක් ලබාදීමට අදාල ක්‍රමවේදය සැකසීමට කමිටුවක් පත් කිරීම උදෙසා කැබිනට් පත්‍රිකාවක් කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.
රිළවුන් පිටරට යැවීම සුදුසු බවත්, එම සතුන් පිටරට නොයවන්නැයි කිසිවකු ප්‍රකාශ කර නැතැයිද ඔහු සදහන් කළේය.
මෙරට රිළවුන් ලක්ෂ 30කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වන බවත්, රිළා ගහණය එන්න එන්න වැඩිවීම නිසා වගාවන්ට සිදුවන හානියද ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මේ අතර, මෙරට රිලවුන්ට වධ හිංසා පැමිණවීමේදී හා මරා දැමීමේදී චීනය තුන්වැනි පාර්ශවයක් ලෙස යොදා ගැනීමට මෙරට බලධාරීන්ගේ අදහසක් පවතින්නේ දැයි මෙවැනි කටයුතු වලින් සැකයක් මතුවන බව පරිසර සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වනජීවි සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS), පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ), පරිසර සංවිධාන සම්මේලනය (FEO) සහ තවත් සංවිධාන කිහිපයක් විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
රිළවුන්ගේ තිබෙන මානව ගුණාංග ආදී කරුණු නිසා අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා එම සතුන්ට විශාල ඉල්ලුමක් පවතින බවත්, මෙම සතුන් සත්වෝද්‍යාන වලට විකිණීමෙන් ලැබෙන ආදායමට වඩා මෙවැනි වෙළඳාමකින් ලැබෙන ආදායම බෙහෙවින් වැඩිවනු ඇති බවත් පරිසර සංවිධාන සධහන් කරයි. තවද එමගින් සිදුවන්නේ වසා දැමූ කූඩුවල සතුන්ගේ ඉතිරි කාලය ගත කිරීමට බවද එම සංවිධාන පවසයි.
රිළවු ගහණය වැඩිවන බවට විවිධ ප්‍රකාශ ඉදිරිපත් කළද, එය තහවුරු කිරීමට දීප ව්‍යාප්ත සංගණනයක් හෝ සිදුකර නැතැයිද, මෙරට ජීවත්වන ඇතැම් වඳුරු විශේෂ ලෝක සංරක්ෂණ සංගමය (IUCN) විසින් දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ලැයිස්තුවටද ඇතැලත් කර තිබෙන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…