Local

සජබය ආණ්ඩුවට යනවාද? – සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් !

සමගි ජන බලවේගය මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණය කොට සමාජගත කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (16) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔහු සඳහන් කරන්නේ එම ව්‍යාජ ප්‍රවෘත්තිය සහමුලින්ම තමන් ප්‍රතික්ෂේප කරන බවත් අදාළ සිද්ධිය පිළිකුලෙන් යුතුව එය හෙළා දකින බවත් ය.

සෙවනැලි ආණ්ඩුවක් බවට පත්වෙමින් සිටින ආණ්ඩුව මුල සිටම සිදු කරමින් සිටියේ සමගි ජන බලවේගය පිළිබඳව ව්‍යාජ පුවත් ජනගත කරමින් සිය අසාර්ථක බලන්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම බවත්, එම නිසා ධනවාදී කල්ලිවලත්, ප්‍රතිගාමී බලවේගවලත් එකම අභියෝගය සමගි ජන බලවේගයට හානි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීම බවත් ඔහු සඳහන් කරනවා.

සමගි ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින් ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලිය සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිතා කරන්නේ අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් සමගි ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බවට වන ව්‍යාජ පුවත බවත් විපක්ෂ නායක වරයා පවසනවා.

මැතිවරණයකින් තොරව මෙම අභාග්‍ය සම්පන්න ඉරණමෙන් රට මුදවා ගත නොහැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

2023.04.17

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago