අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය බොහෝ දෙනෙකු අධිවේගී මාර්ග භාවිත කරමින් හෙට (16) යළි කොළඹ ට පැමිණීමට නියමිතය.
කෙසේවෙතත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලය තුළදී අධිවේගයේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවී ඇති අනතුරු ගණන 856ක් බවය.
2011 නොවැම්බර් 27 වනදා දක්ෂිණ අධිවේගයෙන් පළමු අධිවේගී මාර්ග අත්දැකීම ලද අප මේ වනවිට කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම සිට කුරුණෑගල දක්වා කොටසද භාවිත කරනු ලබයි.
අධිවේගී මාර්ග භාවිතය ඉහළයාමත් සමග දිනෙන් දින එම මාර්ගවල සිදුවන අනතුරු ද ඉහළයාම සැලකිය යුතු කරුණකි.
මාර්ග සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2022 දී පමණක් සිදුව ඇති ඇති අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 1,675කි. එම අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකුට දිවි අහිමිවී ඇති අතර තවත් 25 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
තත්ත්වය මෙසේ තිබියදී මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙවුණු මාස තුනහමාරට අයත් කාලයේදී පමණක් සිදුව තිබුණු අධිවේගී මාර්ග අනතුරු සංඛ්‍යාව 856 කි. ඉන් 6 දෙනෙකු මියගොස් තිබුණු අතර තවත් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අධිවේගී මාර්ග අනතුරු ඉහළයාමට හේතුවී ඇත්තේ, වාහනයේ තත්ත්වය පිළිබඳව රියදුරා සතුව මනා අවබෝධයක් නොමැතිකම බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් පැවසීය.