සමඟි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමත්‍ය ධුරය ලබාදීමට සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් කියා සිටින්නේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි.
පසුගියදා සුළු ජාතික පක්ෂ නියෝජිතයන් සමඟ සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුවට සහාය දීමට ඕනෑම අවස්ථාවක සුළු ජාතික පක්ෂ ලෙස සුදානම් බවයි.
තනි තනි පුද්ගලයන් හෝ තනි තනි පක්ෂ ලෙස නොව කණ්ඩායමක් ලෙසම සජිත් ප්‍රේමදාස මහතා ද සමඟ ආණ්ඩුවට සහයෝගය දීම වඩාත් සුදුසු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට පෙරළා ප්‍රතිචාර දක්වා ඇත්තේ.
එවැනි අවස්ථාවකදී සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය ද ලබා දීමට සුදානම් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැනුවත් කර ඇති බවද වාර්තා වනවා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…