අද (14) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඒ, අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදීය.
කුඩා දරුවන් දෙදෙනෙකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
වෙඩි වැදීමත් සමග යතුරුපැදිය පෙරළීගොස් ඇති අතර එහි ගමන් කළ කුඩා දරුවන් දෙදෙනා ඉන් සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ වෙඩිවැදී මියගොස් ඇත්තේ 29 හැවිරිදි මිද්දරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.
සැකකරුවන් පළාගොස් ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…