Economy

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම වැඩපිළිවෙලේ තීරණාත්මක දිනය අද !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල පිළිබද තීරණාත්මක දිනය අදයි. ඒ, මෙරට විදෙස් ණය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අද සිය නිල තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන්. ඒ අනුව අදාළ රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල මෙහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අමෙරිකාවේ වොෂිංටන් හිදී ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් ඒ පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර එකඟතාව පළ කළා. ඒ පිළිබද නිල තීරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීමෙන් පසුවයි මෙරටට ලබාදීමට නියමිත ණය වැඩසටහනේ පළමු වාරිකය පවා මුදාහැරිමට තීරණය කළේ.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවේ ලබන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට පැමිණීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳ අදාළ රටවල් එහිදී අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඊයේ පැවසුවේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago