කාන්තාවකගේ ගෙල බැඳි මාලය කොල්ල කෑ බුද්ධි කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු තලංගම පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම සැරයන්වරයා ඊයේ සවස පොලිස් පොතේ පිටව යෑමේ සටහන් තබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර බත්තරමුල්ල සුපිරි වෙළෙඳසැලඛ ඉදිරිපිට පාරේ ගමන් ගත් කාන්තාවක ගේ මාලය කොල්ල කා ඇත.
එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සරයන්වරයා සහ මාලය පොලිසියට ගෙන ගොස් පරික්ෂා කිරීමේදී එම රන්මාලය ඉමිටේෂන් එකක් බවට තහවුරු වී ඇත. ඉදිරි විමර්ශන තලංගම පොලීසිය විසින් සිදු කරනු ලබයි. .
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…