Local

PHI සංගමයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක් !

උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහර‍ණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම්වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ( PHI) සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පසුගිය මාර්තු මස 02 වන සතියේ සිට ආරම්භ කළ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව සිදුකරන බව PHI සංගමය ප්‍රකාශ කරයි.

“උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, එමෙන්ම එම ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒ වගේම අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩි අලෙවියක් තියෙන කෙසෙල් වැනි පලතුරු වර්ග ගැන, ඒ වගේම ජනතාව වැඩි වශයෙන් එක්රොක් වෙන නගර ආශ්‍රිත ආහාර පරිහරණ ආයතන ගැන විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂණ කටයුතු සිදුකරනවා. අප්‍රේල් මාසේ 10 වනදා වන විට දිවයින පුරා 19,107ක් අපි පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අතරින් 3,102 ක් ආහාර පනත උල්ලංඝනය කිරීම නිසා මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පවරලා තියෙනවා. මහජනතාවට අපි කියන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා අපි කියනවා. පැමිණිල්ලක් තියෙනවා නම් 0112 63 56 75 දුරකථන අංකයට දැනුම් දුන්නොත් අපි අවශ්‍ය සේවාව කඩනමින් සම්බන්ධ කරලා දෙන්න කටයුතු කරයි.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago