Local

හිටපු නීතිපතිගේ කාර්‍යාලයට අනවසරයෙන් පැමිණ ලිපිගොනු අවුස්සලා !

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ කාර්‍යාලයට අනවසරයෙන් පැමිණ ලිපිගොනු ඇවිස්සූ බව කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන අරඹා තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව නාරාහේන්පිට පොලිසිය මඟින් පැවැත්වූ විමර්ශන‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් තම දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

හිටපු නීතිපතිවරයාගේ කොළඹ 07, ලන්ඩන් පෙදෙසේ පිහිටි කාර්‍යාලයට පසුගිය වසරේ නොවැම්බර් මස 22වන දා සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු එහි තිබූ ලිපිගොනු අවුස්සා එක් ලිපිගොනුවක් පමණක් රැගෙන ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් බවත්, එකී සිදුවීම පටිගත වූ සීසීටීවී දර්ශන විමර්ශන කටයුතු සඳහා වෝහාරික ඩිජිටල් විද්‍යාගාරය වෙත බාර දී ඇති අතර තවමත් එහි වාර්තාව තමන්ට ලැබී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව එහිදී ප්‍රකාශ කළා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago