Local

ව්‍යාජ ATM කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කළ පිළියන්දල සොරෙක් අත්අඩංගුවට !

ව්‍යාජ ATM කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කිරීම පිළිබඳව පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන හා මහරගම පොලිස් ස්ථාන වෙත සිදුකරන ලද පැමිණිලි 50ක් සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් විමර්ශණ සිදු කර සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (10) දින ව්‍යාජ ATM කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24ක් පමණ වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමි‍ණෙන පුද්ගලයන්ට මුදල් ලබා ගැනීමට සහාය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකයන් ලබාගෙන,ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගෙන සැකකරු ළඟ තිබෙන ව්‍යාජ ATM කාඩ්පතක් සමඟ අදාළ පුද්ගලයාට ලබා දෙයි.

ඉන්පසු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත සැකකරු විසින් වංචනිකව භාවිතා කර මුදල් සොරකම් සිදුකර ඇතිබව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (11) නුගේගොඩ අධිකරණය ටවත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago