Health

මෙරට පළමු වෛද්‍ය මහාචාර්යවරිය අභාවප්‍රාප්ත වෙයි !

අභාවප්‍රාප්ත මෙරට පළමු වෛද්‍ය මහාචාර්යවරිය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

පසුගිය අප්‍රේල් මස 7 වනදා අභාවප්‍රාප්ත වූ ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය මේ වනවිට ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබේ.

වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට මෙරට පළමු වෛද්‍ය මහාචාර්යවරිය වන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය මියයන විට 97 වන වියේ පසුවුණි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනිය ලෙස වසර 25ක් කටයුතු කළ ඇය 1991 විශ්‍රාම ගන්නා තුරු එම තනතුර හෙබවිය.

මව්කිරි දීම ප්‍රවර්ධනයට මහත් දායකත්වයක් ලබාදුන් ප්‍රියානි සොයිසා මහත්මිය රැකියාවේ නියුතු මව්වරුන්ට මාස තුනක ප්‍රසූත නිවාඩු දිය යුතු බවට රජයට නිර්දේශ ඉදිරිපත් කළ අතර එය ක්‍රියාවට නංවන තුරුම කටයුතු කළාය.

එමෙන්ම පෝලියෝ රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා ද ඇයගෙන් නොමද සහායක් ලැබුණි.

1925 නොවැම්බර් මස 23 වනදා මොරටුවේ දී උපත ලැබු ප්‍රියානි සොයිසා මහත්මිය මොරටුව වේල්ස් කුමරි විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් ව උපාධිය ලබාගත්තාය.

ලන්ඩනයේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩිදුර හදාරා ආචාර්ය උපාධිය ලබා යළි ලංකාවට පැමිණි ඇය වෛද්‍යවරියක ලෙස යාපනය ඇතුළු දිවයිනේ බොහෝ පළාත්වල සේවය කළාය.

අනතුරුව කොළඹ වෛද්‍ය පීඨයේ සේවයට එක් වු ඇය එහි මහාචාර්යවරියක ලෙස කටයුතු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපතිනිය ලෙස ද, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ලෙස ද ඇය කටයුතු කර ඇත.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago