හික්කඩුව තොටගමුව පාලම අසල මොලපු ඔය ඇළ මාර්ගයේ පාවෙමින් තිබු රුසියානු ජාතික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (08) පස්වරුවේ දි සොයාගෙන ඇති අතර මෙම මරණය සැක සහිත එකක් බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම 35 වියැති මෙම කාන්තාව ක්රයිසැනෝවස්කියා සේනියා නම් වන අතර ඇය හික්කඩුව ගල්වල පාරේ පිහිටි රිවර් කොටේජ් නම් නවාතැනෙහි නැවතී සිට ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිටය.
රුසියානු ජාතික කාන්තාව මිට මාස තුනහමාරකට පමණ ඉහතදි මෙරටට පැමිණ ඇත.
ඇයගේ මළ සිරුර ඔයේ පාවෙමින් තිබෙනු දැක ධිවරයකු විසින් පොලිසියට දැනුම් දි ඇත.
මියගිය රුසියානු ජාතික කාන්තාවගේ මළ සිරුර ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ ගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබිය.
හික්කඩුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…