Local

මහවැලියට පාසල් සිසුවෙක් බිලිවෙයි – තවත් සිසුවෙක් රෝහලේ !

මහවැලි ගඟෙහි දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) පස්වරුවේදී මෙම ශිෂ්‍යයා තවත් මිතුරන් තිදෙනකු සමග දියනෑමට මහවැලි ගඟට බැස ඇත්තේ පොල්ගොල්ල වේල්ල අසලින් බවයි වාර්තා වන්නේ.

මොවුන් පොල්ගොල්ල වේල්ලට මීටර් 300කින් පහළින් ගලා බසින මහවැලියට බැස දිය නාමින් සිටියදියි ඉන් සිසුන් දෙදෙනකු දියෙහි ගිලී ඇත්තේ.

දියේ ගිලුණු සිසුන් දෙදෙනාව ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් බේරාගෙන මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළා.

දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 17 හැවිරිදි මහනුවර – නිත්තවල ප්‍රදේශයේ ජීවත්වන කටුගස්තොට සහිරා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

දියෙහි ගිලුණු 13 හැවිරිදි අනෙක් සිසුවා මේ වනවිට රෝහල්ගත කර ඇති බවටත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Media-on-2023.04.09-at-2140

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago