Local

ධාවනය වෙමින් තිබූ සමුද්‍ර දේවී දුම්රියේ එන්ජිම ගැලවී යයි !

ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දේවී දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී අද (09) උදෑසන ධාවනය වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උතුරු කළුතර සහ නොම්මර 1ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

දුම්රිය එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමීටරයක් පමණ දුරක් ධාවනය වී තිබෙනවා.

නියාමක මැදිරියේ කප්ලීමට ඉහළින් දුම්රිය ඉන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට ද වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කියා සිටියේ මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago