Cricket

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙන්න – සදීර සහ දුෂාන්ව කැඳවයි !

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්න හටයි. නිමා වූ නවසීලන්ත සංචාරය නියෝජනය කළ ක්‍රිඩකයින්ගෙන් ලහිරු කුමාර සහ කසුන් රාජිතට අයර්ලන්තයට එරෙහි සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම ලසිත් ඇඹුල්දෙනිය නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර දුෂාන් හේමන්ත ද පළමු වරට ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙනවා. පැතුම් නිස්සංක මෙම සංචිතය සඳහා ද ඇතුළත් නොවන අතර සදීර සමරවික්‍රම ටෙස්‍ට් සංචිතය සඳහා නම් කර තිබෙනවා.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

  • දිමුත් කරුණාරත්න (නායක)
  • ඇන්ජලෝ මැතිවුස්
  • ධනංජය ද සිල්වා
  • කුසල් මෙන්ඩිස්
  • දිනේෂ් චන්දිමාල්
  • කමිඳු මෙන්ඩිස්
  • නිශාන් මධුශ්ක
  • සදීර සමරවික්‍රම
  • අසිත ප්‍රනාන්දු
  • විශ්ව ප්‍රනාන්දු
  • මිලාන් රත්නායක
  • ප්‍රභාත් ජයසූරිය
  • රමේෂ් මෙන්ඩිස්
  • ලසිත් ඇඹුල්දෙණිය
  • දුෂාන් හේමන්ත

කෙසේ නමුත් මෙම සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago