News

රාජිත සේනාරත්නට සජබයත් නැතිවෙන ලකුණු !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
වෛද්‍ය රාජිත සේනාරත්න තව දුරටත් සමගි ජන බලවේගයේ රැඳී සිටිමින් ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගන්නා බව ප්‍රකාශ කිරීම හා ඊට අදාල පියවර ගැනීම හේතුවෙන් පක්ෂයේ විනය කඩකිරීමක් සිදුකර ඇති බවට මන්ත්‍රීවරු පිරිසක් සජිත් ප්‍රේමදාසගෙන් කළ ඉල්ලීමට අනුව එම පියවර ගෙන ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

රාජිත සේනාරත්න දිගු කාලයක සිට පක්ෂයේ ඉදිරි ගමනට බාධා වන අයුරින් හැසිරෙමින් එහි ක්‍රියාකාරීන් ආණ්ඩුව සමග එක් කරගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බව ඉහත මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාව දැනුම්වත් කර ඇති බවද එම ප්‍රකාශකයා කීය.

එ් අනුව ඉදිරියේ දී රාජිත සේනාරත්න සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදිකරු බවට පත් වුවහොත් ඔහුව පක්ෂයෙන් නෙරපා හරින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago