“වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” කියා ලිපියක් ලියා තබා කාමරයේ එල්ලෙමින් තිබූ බව කියන තරුණයකුගේ දේහය ඉවතට ගැනීමට ඉඩ නොදී බුරා වැටෙමින් වයිටා රැකවල්ලාගෙන සිටි බව කියන සිද්ධියක් පෙරේදා 4 මීරිගම, පිරිස්යාල ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙසේ මියගියේ අඹේපුස්ස , පිරිස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
අඹේපුස්ස ප්‍රදේශයේ තරුණයකුගේ සිරුර ඔහුගේ කාමරයේ එල්ලෙමින් ඇති බවට මීරිගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පරිදි පොලිසිය හා මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා මරණ පරීක්ෂණයට යන අවස්ථාවේ නිවසේ ඇති දැඩි කළ වයිටා නමැති බල්ලා තරුණයාගේ කාමරය අසලට වී කිසිවකුට එහි ඇතුළුවීමට ඉඩනොදී සිටිනු දැකිය හැකිවී ඇත
මියගිය අයගේ මව විදේශ රැකියාවක නිරත බවද පියා කලකට ඉහත අහිමිව ඇති බවද හෙළිවූ අතර ඔහු ලොකු අම්මා සමග කල්ගත කර ඇතැයිද අනාවරණය විය. තරුණයා නිතරම හුදෙකලා දිවියක් ගත කරන්නට පුරුදුව සිටි බවටද මෙහිදී හෙළිවී ඇත.
මහත් පරිශ්‍රමයකින් වයිටා ඉවත් කිරීමෙන් පසුව පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු අතර මියගිය තරුණයා පාවිච්චි කළ ජංගම දුරකතනය හා ඔහු ලියූ බවට සැක කෙරෙන ලිපියක් සොයාගෙන ඇත. එම ලිපියේ තරුණයාගේ ජංගම දුරකතනයේ අගුලු ඉවත් කරන අන්දම දක්වා තිබී ඇති අතර ඒ අනුව කටයුතු කර දුරකතනය විවෘත කර බැලීමේදී එහි සටහන් කර තිබූ ලිපියක් පොලිසියට හමුවී ඇත.
එහි පිටු ගණනාවක විස්තර ලියා තිබී ඇති අතර ‘මගේ මරණයෙන් කිසිවකුට අඬන්නට අයිතියක් නැති බව දක්වා තිබී ඇත. මගේ බල්ලයි පූසොයි කවුරු හරි බලා ගන්නා ලෙස ඉල්ලා ඇති අතර ආදරයෙන් හදා වඩා ගන්නා කෙනකුට බල්ලා බාරදෙන ලෙසට ඉල්ලීමක්ද සටහන්වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අනතුරුව “වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” යනුවෙන්ද එහි සටහන් කර තිබූ බවද පොලිසිය එහිදී අනාවරණය කළේය.
(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට,ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත.ඕනෑම ප්‍රශ්නයක්, ගැටලුවක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත.)
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…