හිටපු එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනප්‍රිය නිල් නිළියක වන ස්ට්‍රෝමි ඩැනියෙල්ස් අතර පැවති අයතා මුදල් ගනුදෙනුව, එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු විසින් එරට ඉතිහාසයට එක් කළ විශාලම කළු පැල්ලම එක් කර තිබෙනවා.
එය මේ මොහොතේ ලොව උණුසුම් ම පුවත් ගොන්නෙන් එකක් බවට පත්ව තිබෙන තැන ට්‍රම්ප් හා මේ ආකාරයෙන් ම බැඳුණු තවත් නිල් නිලියකගේ නමක් ද විදෙස් මාධ්‍ය රැසකින් හෙළිදරව් කර තිබෙනවා අපරාධ චෝදනා එල්ල වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත් වූ ට්‍රම්ප්ට එරෙහි ප්‍රබල ම චෝදනාව වී ඇති ස්ට්‍රෝමි ඩැනියෙල්ස් ගණුදෙනුව 2016 වසරේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණ සමය දක්වා දිවෙන අතර අදාල නිල් නිලිය වෙත හිටපු ජනපතිවරයා ගෙවා ඇති මුදල ඩොලර් 130 000ක් බවයි වාර්තා වුණේ.
නමුත් ඩැනියෙල්ස් හා ට්‍රම්ප් අතර වූ සම්බන්ධයට නොදෙවෙනි සම්බන්ධයක් ට්‍රම්ප් හා හිටපු ප්ලේ බෝයි නිරූපිකාවක් වූ කැරන් මැක්ඩොගල් අතර පැවති බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
කෙසේ නමුත් අදාල සම්බන්ධය පිළිබඳ කැරන් මැක්ඩොගල් පවසන්නේ හිටපු ජනපතිවරයා සහ තමා අතර සම්බන්ධතාවක් තිබූ බවත් එය මාස දහයක පමණ කාලයක් පැවති බවත්, මසකට අවස්ථා පහකදී පමණ එකිනෙකා හමු වූ බවයි.
හිටපු ජනාධිපතිවරයා සහ තමා අතර වූ සම්බන්ධය පිළිබඳව වැඩිදුරටත් විස්තර දක්වන මැක්ඩොගල් කියා සිටින්නේ, 2006 වසරේ දී, ලොස් ඇන්ජලිස් හි Playboy Mansion හි දී ඔවුන් එකිනෙකා මුලින් ම හඳුනා ගත් අතර ඒ වන විට තමන් The Apprentice කථාංගයේ රූගත කිරීම් අතරතුර සිටි බවයි.
මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරණයට මුහුණ දුන් 2016 වසරේ දී මැක්ඩොගල් සිය ජීවිත කතාව National Enquirer නම් ටැබ්ලොයිඩ් පුවත්පතකට අනාවරණය කිරීම සඳහා ඩොලර් 150,000ක මුදලකට ගිවිස ගත්තත් එහි දී ට්‍රම්ප් හා පැවති සබඳතාව හෙළිදරව් නොකිරීමට ඇයට ගිවිස ගන්නට සිදු වුණා.
කෙසේ නමුත් අදාල ගිවිසුමෙන් එකඟ වූ කතාව National Enquirer පුවත්පත විසින් හිතා මතා පළ නොකර වාරණය කරමින් 2016 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රචාරණ වැඩපිළිවෙලට අනියමයෙන් සහාය දැක්වීම හේතුවෙන් මැතිවරණ නීති උල්ලංගණය කිරීම නැමති චෝදනාව යටතේ එක්සත් ජනපද ෆෙඩරල් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල පුවත්පටත ඩොලර් 187,500ක දඩයක් ද නියම කළා.
ස්ට්‍රෝමි ඩැනියෙල්ස් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ චෝදනා ලැබ සිටින හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයා මැක්ඩොගල් සම්බන්ධ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා.
කෙසේ නමුත් තවමත් ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා ලැයිස්තුවට එක් නොවූ මෙම චෝදනාව ප්‍රධාන නඩු විභාගය යටතේ විභාගයට ගැනෙන හුදු කරුණක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…