Entertainment

BAT MAN ලංකාවට (PHOTOS)

ලොව අතිශය ජනප්‍රිය BAT MAN චිත්‍රපට මාලාවේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වන Christian Bale මේ දිනවල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබේ.

ඔහු 2000 වසරේදි American Psycho චිත්‍රපටයේ රඟපානවා.. මේක වෙනුවෙන් ඔහු බොහෝ ව්‍යායාම සිදුකරමින් තමන්ගේ සිරුර ශක්තිමත් අයෝමය පුරුෂයෙකුගේ ආකාරයෙන් ගොඩනගා ගන්නවා. ඔහු ඒ වෙනුවෙන් කෑම වේල් පාලනය කරමින් විශාල වෙහෙසක් ගන්නවා වගේම දන්ත වෛද්‍යවරයෙකු ලවා ඔහුගේ හිනාව වඩාත් ආකර්ශණීය වීම සඳහා ඉදිරි දත් අතර හිඩැස් නැති කිරීමට ප්‍රතිකර්මයක් සිදුකරවා ගන්නවා. ඒවගේම ඔහුගෙ Batesman චරිතය සිනමා රසිකයක් ආදරයෙන් වැලඳගන්නවා වගේම Bale ගෙ නම ප්‍රේක්ශකයන් අතරට මුලින්ම රැගෙන ගිය චරිතයක් ලෙසින්ද අදටත් සැලකෙනවා..
ඉන්පසුව 2004, වසර හතරකට පසුව ඔහු The Machinist වෙනුවෙන් රංගනයේ යෙදෙනවා. එහි ඔහු රඟපාන නින්ද නොයාමේ රෝගයෙන් පෙලෙන Trevor Reznik චරිතය වෙනුවෙන් ඔහු සිරුරේ බරෙන් රාත්තල් 60 ක් අඩුකරගන්නවා

ඉන් වසරකට පසුව 2005 වසරේදි… නැවතත් Christian Bale ට අයෝමය සිරුරක් සහිත චරිතයක් වන ලෝක ප්‍රකට BAT MAN චරිතය වෙනුවෙන් රංගනයේ යෙදීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙනුවෙන් The Machinist හි රූගත කිරීම් අවසන් කරන 2003 ජූලි මස සිට 2004 පෙබරවාරි මස දක්වා මාස හතක පමණ කාලයක් ඇතුලත රාත්තල් 100 කින් තම සිරුරේ බර වැඩිකරගන්නවා.. ඒවගේම නැවතත් Nolan ගෙ ඉල්ලීම මත රාත්තල් කිහිපයකින් බර අඩුකරගැනීමටද ඔහුට සිදුවෙනවා..
Batman Begins චිත්‍රපටයෙන් වසරකට පසු නැවතත් Bale ට කෙසඟ මිනිසෙකු වන්නට සිදුවෙනවා. ඒ Rescue Dawn චිත්‍රපටය වෙනුවෙන්.. ඒ වෙනුවෙන්ද සිරුරේ බර සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගත්තත් මේ වතාවෙ ඔහු The Mechinist හි මට්ටමට නම් යන්නෙ නෑ. නමුත් ඉතා කෙසඟ ගුවන් නියමුවෙකුගේ චරිතයක් ඔහු මෙහි අපූරුවට රඟපෑමෙහි යෙදෙනවා..
ඉන් වසර දෙකකට පසුව 2008 වසරේදී නැවතත් BAT MAN ලෙසින් කරලියට ඒමට ඔහුට සිදුවෙනවා.. ඒ The Dark Knight චිත්‍රපටයට. ඒ වෙනුවෙන් ඔහු වසරකට මදක් අඩු කාලයකදි නැවතත් තම සිරුර වර්ධනය කරගැනීමට සමත්වෙනවා…
2010 වසරේදි The Fighter චිත්‍රපටයේ හිටපු බොක්සිං ක්‍රීඩකයෙකු,පුහුණුකරුවෙකු වන Dicky Eklund චරිතය වෙනුවෙන් Bale නැවතත් රාත්තල් 30 කින් තම සිරුරේ බර අඩුකරගන්නවා.. ඒවගේම ඒ චරිත නිරූපනය වෙනුවෙන් ඔහු හොඳම සහය නලුවාට පිදෙන ඔස්කාර් සම්මානය දිනාගැනීමට සමත්වෙනවා..
2012 වසරේදී නැවතත් Batman වෙනුවෙන් මහන්සි වන්නට ඔහුට සිදුවෙනවා..ඒ අවසාන Batman චරිත නිරූපණය වෙනුවෙන්.. ඒ සඳහාද ඔහු රාත්තල් හතලිහකින් පමණ නැවත සිරුර වර්ධනය කරගත් බව සඳහන්..
ඉන් වසරකට පසුව 2013 වසරේදී Christian Bale කෙසඟ චරිතවලට තිත තබලා තරබාරු චරිත සඳහා මාරුවීම සිදුකරනවා. ඒ American Hustle චිත්‍රපටයේ Irving Rosenfeld නම් වංචාකරුගේ චරිතය වෙනුවෙන්.. ඒ සඳහා ඔහු රාත්තල් 185 ක සිට රාත්තල් 228 ක් දක්වා රාත්තල් 43 ක් නැවත තම සිරුර වර්ධනය කර තරබාරු වෙනවා. මේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම නලුවා සම්මානය වෙනුවෙන් ඔස්කාර් නිර්දේශයන් අතරටද එක්වෙනවා..

ඔහු ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුනා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago