වැඩි වශයෙන් දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වීමේ අවදානමක් !

217 Views
1 Min Read

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි.

පවතින උෂ්ණ අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන් වැඩි වශයෙන් ජලය පානය අත්‍යවශ්‍ය බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඉන්ෆ්ලුවන්සා A වෛරසය මෙන්ම ඉන්ෆ්ලුවන්සා B වෛරස තත්ත්වයත් යම් අවස්ථාවල දැක ගැනීමට හැකි බව ඔහු කියා සිටියා.

එහිදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, කිවිසුම් යෑම සහ කඳුළු ගැලීම හා කබ ගැලීම ආදි තත්ත්වයන් පෙන්නුම් කරන බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

Share This Article
Leave a comment