Local

පොලිස්පති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට !

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙන යාමේදී මරණයට පත් වීමේ සිද්ධීන් වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරයට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මෙම කරුණු දැක්වීම සිදු කළා.

2008 වසරේ කොම්පඤ්ඤ වීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි සිදුවීම් අනාගතයේ දී ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පෙබරවාරි මස 24 වනදා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේ ඉකුත් පෙබරවාරි මස 05 වනදායි.

එහෙත් එම පෙත්සම ඉකුත් 24 වනදා කැදවනු ලැබූ අවස්ථාවේදී අදාළ මාර්ගෝපදේශය මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ඒ අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නොතිසි නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අද දින පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago