අද(03) සිට දේශීය කිරි පිටි මිල පහළ දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
පාරිභෝගික අධිකාරියේ දැනුම් දීම පරිදි ජනතවට සහන සැලසීමේ අරමුණින් මිල පහළ දමන බවයි එහි සභාපති ආරියසිරි විතානගේ මහතා සඳහන් කළේ.
එමෙන්ම නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ඔහුවැඩිදුරටත් සඳහන් කළා.
මෙලෙස නව මිල ගණන් යටතේ අද සිට ආනයනික කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ද පවසනවා.
ආනයනික කිරිපිටි පෙරේදා සිට(01) කිලෝග්රෑම් එකක මිල රුපියල් 200කින් සහ ග්රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු කර තිබුණා.