Local

උතුරු මැද හිටපු පළාත් මහ ඇමතිට අධිචෝදනා !

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 5,379,629 ක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන් පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින එම පළාතේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතාට අද (03) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ එම චෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත් අධිකරණය නියම කළේය.

2012 සහ 2014 කාලය තුළ අමතර ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් 5,379,629ක රජයේ මුදල් අවභාවිතා කිරීම සහ එම ඉන්ධන දීමනාව ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීන් පෙළඹවීම ඇතුළු අධිචෝදනා අටක් යටතේ අල්ලස් කොමිසම විසින් උතුරු මැද හිටපු පළාත් මහ ඇමති රංජිත් ට එරෙහිව එම නඩුව ගොනුකර තිබේ.

එස්.එම්. රංජිත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාගේ සොහොයුරා වේ.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago