Local

සජබයෝ බල කණු පහක් ආණ්ඩුවට? – සන්ඩේ ටයිම්ස් වාර්තාව මෙන්න !

අඩුම වශයෙන් සමගි ජනබල වේගයේ ප්‍රමුඛ පෙළ නායකයන් පස් දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු වාර්තා කරයි.

ආණ්ඩුව හා එක්වීමට සූදානමින් සිටින නායකයන් සමග මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බව, එම පිරිස ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ කාර්යය සදහා අතරමැදියෙකු ලෙස කටයුතු කරන පාර්ශ්වයක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.

සජබ ප්‍රධානීන් පස් දෙනා ආණ්ඩුව හා එක්වන්නේ වරප්‍රසාද සදහා නොවන බවත් ඔවුන් සියල්ලන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි පැහැදී සිටින බවත් අදාල මැදිහත් කරුවා වැඩිදුරටත් පවසා තිබේ.

දැනටමත් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගේ ආර්ථික සැලසුම් පැසසුමට ලක් කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බිලී බා ගැනීම සදහා ආණ්ඩුව මුදල් වීසි කිරීමට සූදානමින් සිටින බවයි.

එමෙන්ම එම පක්ෂයේ මහ ලේකම්වරයා පසුගිය සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සමගි ජන බලවේගයේ කිසිවෙකු ආණ්ඩුව හා එක් නොවනු ඇති බවයි. ඊට ප්‍රතිපක්ෂව ආණ්ඩුවේ කිහිප දෙනෙකු විපක්ෂය හා එක්වීමට සූදානමින් සිටින බවද ඔහු පවසා සිටියේ ය.

Ceylon News Factory

View Comments

  • ඔය කියන තරම් පැහැදෙන්න රනිල් ගේ න්‍යයාත්මක ආර්ථික ප්‍රතිපත්ති යක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති අතර අනාගත දැක්මක් සහිත වැඩ පිළිවෙළක් ද නොමැත
    මේ බලය සහ අනෙක් වරප්‍රසාද සදහා ගං ලබන සාම්ප්‍රදායික ලංකාදේශපාලනයේ තවත් එක මජර පියවර ක් ඒක වහගන්න ඔය කාලකන්නි ඔය වගෙ වචන යොදා ගනිමින් සිටි.

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago