රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්. රංජිත් අසෝක පත්කර තිබෙනවා.
මාර්තු 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක දැක්වෙන්නේ.
රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළ නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයෙන් ඉවත් කර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධුරය සඳහා අනුයුක්ත කරනු ලැබුවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් භාර නොගන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස සිටියදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත ලබාදුන් නියෝගයක් හේතුවෙන් ඔහු පිළිබඳ ඇතිවූයේ දැඩි කතාබහක්.
පසුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසම වෙත ද කැඳවනු ලැබුවා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…