අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝගීන් සඳහා විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ඒකකයට අනුබද්ධව පැවැති එක් වාටටුවක් එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශ ගත වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.
එම රෝහලේ 63 වාට්ටුව මෙසේ වසා දමා ඇති අතර එහි සිටින රෝගීන් වාට්ටු අංක 24 සහ 25 වෙත යොමු කිරීමටත් ඉදිරියේදී සිදුකරනු ලබන ඇතුළත් කිරීම් එම වාට්ටු දෙකට පමණක් යොමු කරන ලෙසටත් රෝහලේ බලධාරීන් මේ වනවිට අදාළ උපදෙස් දී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින ආර්ථික අර්බුදය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණ තත්ත්ව හමුවේ මෙරට වෘත්තිකයන් විශාල වශයෙන් මේ වනවිට විදේශගත වීමට සමගාමී ව මෙම තත්ත්වය නිර්මාණය වූ අතර රටේ ප්‍රධාන පෙළේ රෝහලක් විශේෂඥ වෛද්‍යවරුන් විදේශ ගත වීම හේතුවෙන් වාට්ටුවක් වසා දැමීමට සිදුවීම එහි උච්ඡතම අවස්ථාවකට ගමන් කිරීමේ මුල් පියවර විය හැකි බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසීය.
විදේශගත වූ වෛද්‍යවරුන් වෙනුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකු පත් කර තිබුණද ඔහු සෞඛ්‍ය හේතු මත මාස තුනක කාලයක් නිවාඩු ලබාගෙන ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය අනුව පුත්තලම රෝහලෙන් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.