Local

බේරුවල අවට මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් අද සුළු කම්පනයක් වාර්තා වූ බවට වාර්තා වනවා.

කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශ ආශ්‍රිතව මෙම කම්පන තත්ත්වය දැනී ඇති බව සඳහන්. අද දහවල් 1ට පමණ බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේ භුමිකම්පාවක් සිදුව ඇති බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම කම්පනයෙන් කිසිදු අවදානමක් නොමැති අතර ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ තත්පර 30ක පමණ කාලයක් මෙම කම්පන තත්ත්වය හටගෙන ඇති අතර ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago