News

ඉන්දියන් වීසා ආයතනයට සම්බන්ධ ව්‍යාජ වෙබ් අඩවියක් සකසා මුදල් ගැරූ තවත් මහාපරිමාණ වංචාවක් හෙළිවෙයි !

කොළඹ ඉන්දියන් වීසා ආයතනයේ අනුශාඛාවක් මහනුවර පොලිස් වසමේ ගොපල්ලව මාවත ප්‍රදේශයේ පිහිටා ඇති අතර එම ආයතනයේ තොරතුරු සඳහන් කර වෙබ් අඩවියක් සකසා එමගින් ව්‍යාජ හා වංචා සහගත ලෙස පුද්ගලයන්ගෙන් කලක සිට වීසා නිකුත් කිරීම සඳහා මුදල් ලබාගත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ අදාල පුද්ගලයා 28 වනදා සවස් කාලයේ දී වත්තේගම ප්‍රදේශයේ දී ලැප්ටොප් යන්ත්‍රය සහ ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අන්අයෙකු ලෙස පෙනීසිටීම, වංචා කිරීම, බුද්ධිමය දේපළ පනත යටතේ සිදුකර ඇති වැරදි හා පරිගණක අපරාධ පනතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත් අතර ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වගීෂා විතානගේ

Recent Posts

නෙළුම් කුළුණ පරිශ්‍රයේ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියකුට තුවාල !

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රය තුළදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලික ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි…

55 mins ago

කිවියන් පරදවමින් පළමු T20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට!

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 (T20) ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක…

3 hours ago

විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ නිවාඩු දින දෙකක් !

එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…

16 hours ago

උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් !

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු…

18 hours ago

Online ජාවාරමට අත්අඩංගුවට ගත් 58 දෙනාගේ තොරතුරු රැසක් එළියට !

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්…

19 hours ago

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අවලංගු කරයි !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන්…

19 hours ago