අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අප්‍රේල් 08 වැනිදා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට එම විශේෂ බස්රථ සේවා දිවා සහ රාත්‍රී කාලසටහන් අනුව ධාවනය කරවීමට නියමිත බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව කිසිඳු තදබදයකින් සහ අපහසුතාවයකින් තොරව මඟීන්ට තමන් ගමන් පහසුකම් සලසාගත හැකි බවත් වැඩිදුරටත් සඳහන් කළා