ආනයනික බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අනිද්දා (30) සිට හෝටල් සහ බේකරි හිමියන්ට රුපියල් 35ක මිලක් යටතේ එම බිත්තර නිකුත් කරන බවයි රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව පවසන්නේ.
මෙරට බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑමට සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ක් පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගාවූ අතර එම බිත්තර පරීක්ෂා කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාම්පල ලබාගනු ලැබුවා.