ඛනිජ තෙල් සංස්ථාව කොලොන්නාව පර්‍යන්තයේ ඉන්ධන බෙදා හැරීම නවතයි – බෙදා හැරීම් නැහැ !

543 Views
1 Min Read

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොලොන්නාව පර්යන්තයේ වැඩ අද (28) දහවල් සිට නතර කර තිබෙනවා. ඒ හේතුවෙන් අද දහවල් සිට තෙල් බෙදාහැරීම නතරවී ඇති බවයි එහි සේවකයන් කියන්නේ.

“ඊයේ දහවල් අපි වෘත්තීය සමිති එකතුව විදිහට සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඒ ජාතියට අයිති ධන නිධානයක් වුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව. අද වනවිට ආයතනයේ සේවකයන් තමන්ගේ සේවා ස්ථාන වලින් එලියට ඇවිත් තමන්ගේ රාජකාරි කටයුතු නතර කරලා තියෙනවා. අද දහවල් පටන් කිසිම ඉන්ධන බවුසරයක් කොලොන්නාවෙන් එලියට ගියේ නැහැ” වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු පැවසුවා.

ඛනිජ තෙල් සංස්ථාව අයත් දේපල විකුණා දැමීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ (පොහොට්ටුවේ වෘත්තීය සමිතිය) සභාපති බන්දුල සමන් කුමාර පැවසුවා. ඔහු කියා සිටියේ එම සාකච්ඡාවෙන් අනතුරුව තවදුරටත් සිය ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share This Article
Leave a comment