ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව කලබල නොවන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ ඛනිජතෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බවත්, පර්යන්තවල සහ බෙදා හැරීමේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කිරීමත් සමඟ වෘත්තීය සමිති සේවකයින් රාජකාරියට පැමිණීම වළක්වාලීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාදය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බවයි.
මේ අතර ඛනිජතෙල් සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියා සිටිනවා.
Request the public not to panic over shortages in fuel supply. There’s adequate stocks of fuel in the country & distribution will continue. Fuel distribution that was earlier delayed due to trade union activist forcibly preventing employees from attending to their duties have…
— Kanchana Wijesekera (@kanchana_wij) March 28, 2023