Local

හේමා ප්‍රේමදාසගේ නිවස රජයට භාරදීමට සජිත් ප්‍රේමදාස සූදානමින් !

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

“මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ. ඒක ලැබෙන්නන් වාලේ ලැබිතා තියෙනවා. ඒක ඔහේ තියෙනවා. මගේ මව ඉන්නේ පෞද්ගලික නිවසක. මගේ මවට ලැබෙනවා මගේ පියාගේ විශ්‍රාම වැටුප. මම ඇත්තටම කියන්න කැමතියි, මම ඒක සාධාරණීකරණය කරනවා. එහි වරදක් දකින්නේ නෑ. මගේ මවට ආරක්ෂාව ලැබෙනවා. මගේ මව දැන් වයෝවෘධයි. මම හිතන්නේ නෑ එතුමිය වැරදි ලෙස ඒ ප්‍රතිලාභ භාවිත කර දේශපාලන කටයුතු කරන්නේ නෑ. මගේ තාත්තා කරපු කැපවීම් මගේ මවට ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම ගැටලුවක් නෙමෙයි. එතුමියගේම අදහස් අනුව නිල නිවස භාර දෙන්න යනවා.”

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago