ආනයනය සඳහා සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 100ත් 150ත් අතර ප්‍රමාණයක් සඳහා ළඟදීම සීමා ඉවත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
කෙසේ වුවද වාහන ආනයන තහනම අවම වශයෙන් තව වසරක්වත් දුරට ක්‍රියාත්මක වනු ඇතැයි එම නිලධාරීන් පුවත් පතට ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදලේ පළමු වාරිකය ලැබීමත් සෙසු ප්‍රේෂණ ඇතුළු විදේශ විනිමය ආදායම් සාපෙක්ෂව වර්ධනය වීමත් හේතුවෙන් මෙලෙස පසුගිය කාලය තුළ සීමාවට ලක්ව තිබූ භාන්ඩ වර්ග රැසක් යළි මෙරටට ගෙන්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි ඒ අනුව විශ්වාසය පළ කර ඇත.
විශේෂයෙන්ම ඉලෙකට්‍රොනික භාණ්ඩ. ගෘහ උපකරණ, පරිගණක, ඉදිකිරීම් ද්‍රව්‍ය නාන කාමර උපාංග සහ කට්ටල ඇතුළු භාණ්ඩ ගණනාවක් මේ අනුව ඉදිරියේදී ආනයනයට අවසර ලැබෙනු ඇත.
කෙසේ වුවද වාහන ආනයනය කිරිමේදි වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වැනි ප්‍රමාණයක් වැය විය හැකි නිසා තව වසරක්වත් යන තෙක් වාහන ආනයනයට ඉඩක් නොලැබෙනු ඇති බවට මුදල් අමාත්‍යංශ බලධාරීන් මත පල කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…