ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවයට අදාළව එම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කිසියම් සේවාදායකයකු සම්බන්ධයෙන් සිය වෘත්තීය කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් දැක්වූ එම විරෝධතාව අදාලව පොලිස්පතිවරයා දැනුවත් කළ බව නිතිඥ සංගමය කීවේය.
“මෙම විරෝධතාව මගින් සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතියට බරපතල බාධාවක් වන බව අපගේ අදහසයි, එය නීතියෙන් සුරක්ෂිත කර ඇති වෘත්තීය අයිතිවාසිකමකි”, නිතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
“එබැවින්, නීතීඥවරයෙකු ලෙස සාලිය පීරිස්ගේ වෘත්තීය රාජකාරිවලට බාධාවක් නොවන බවටත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන බවටත් පියවර ගන්නා ලෙස අපි තරයේ ඉල්ලා සිටිමු,” නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…