රාජකාරි වේලාවේ දී නිල ඇඳුමින් හිඳිමින් කේරළ ගංජා අලෙවි කරමින් සිටි කිළිනොච්චිය පලෙයි පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් කිළිනොච්චියේ පුදුකාට්ටු ප්‍රදේශයේදී 23 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත කොළඹ සිට පැමිණි සුරාබදු නිලධාරීන් පිරිසක් කෙරළ ගංජා මිලට ගන්නන් ලෙස පෙනී සිට පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ඒවා මිලට ගනිද්දී ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනාව පරීක්ෂා කළ අවස්ථාවේදී ඔවුන් ළග තිබි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 200 ක් සුරාබදු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කිළිනොච්චියේදී අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාව සුරාබදු නිලධාරීන් විසින් කොළඹට රැගෙන ගොස් ඇත.
කිළිනොච්චිය පොලිසිය මේ පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරුදහන් වී ඇති බවට ඊට පෙර පොලිස් මුලස්ථානය වෙත වාර්තා කොට තිබූ අතර එම දැනුම් දීමෙන් පැය කීපයකට පසුව එම නිලධාරීන් දෙදෙනා සුරාබදු නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ බව පලෙයි පොලීසිට වාර්තා වී තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…