පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට අබේරත්න කොමිෂන් සභා වාර්තා අනුව නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
රජයේ දේපළ අවභාවිතා කර ඇති බවට එල්ල වූ චෝදනා මත මෙම නිර්දේශ කර ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
පසුගිය 2015 යහපාලන සමයේදී දුෂණ මර්ධන කමිටුවේ අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් වරයෙක් වූ ආනන්ද විජේපාල නම් අයෙක් බවත් ඔහුට 1,200,000 වැටුපක් අවුරුදු තුනක් තිස්සේ ලබා ගෙන ඇති බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.
දූෂණ මර්දන කමිටුව 2015දී යහපාලන ආණ්ඩුව විසින් පිහිටවූ පසු එහි සභාපති ලෙස කටයුතු කරන ලද්දේ අනුර කුමාර දිසානායක මහතා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කමිටුවේ අධ්‍යක්ෂවරයෙකු වූ ආනන්ද විජේපාල මහතා අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරද්දී ඔහුගේ පෞද්ගලික ලේකම්ව සිටි අයෙක් බවද හෙතෙම කියා සිටියේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
View Comments
පොහොට්ටුවේ ඉන්න උන් දූෂණ වංචා අවභාවිතය ගැන කතා කළොත්, මුළු පක්ෂයේම ප්‍රජා අයිතිය අහෝසි කරන්න වෙන්නේ.
අනේ මහින්දානන්ද විහිළු කරන්න එපා බං.