බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ තිබි අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිලිදියෙකුගේ මළ සිරුරක් (22) දින සොයාගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිල මහා විදුහල අසලින් ගලා බසින කෙසෙල්ගමුඔයේ බිලිදු මලසිරුරක් ඇති බවට එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම් දීමක් මත සිරුර සොයා ගෙන ඇත.
දරු ප්රසූතියෙන් පසු බිළිදියගේ සිරුර කෙසෙල්ගමුඔයට ගෙනවිත් දැමුණු පසු බිලිදිය කෙසෙල්ගමු ඔයට විත් දැමුවාද යන්න පිලිබදව බගලාව පොලිසියේ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගොඩගත් සිරුර දින තුනකට පමණ ඉහතදී ප්රසූත කල හෝ ගබ්සා කල බිලිදියක් බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහල මේ වන විට යවරිය වෙත යොමු කර ඇත.