Local

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ධූරයෙන් ඉවතට !

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයන් ඉවත් කොට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර තිබේ. ඔහුට එම කාර්යාලයේ නව වගකීමක් භාර දීමට නියමික බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පැවැත්වීමට සැලසුම් කළ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියලුම් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් මඟින් දැන්වීම හේතුවෙන් විවේචනයන්ට ලක් වූ නීල් බණ්ඩාර හපුහින්න මහතාට ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හමුවේ සමාව ඉල්ලීමට පවා සිදුවූ අතර එහිදී ලේකම්වරයා පවසා සිටියේ තමන් එම ලිපිය නිකුත් කළේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව බවය.

කෙසේ වුවද අගමැති දිනෙෂ් ගුනවර්ධන එවැනි තීන්දුවක් කැබිනට් මණ්ඩලය නොගත් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු තවදුරටත් විවේචනයට ලක්වූ අතර පසුගිය තොරතුරු පනතට අනුව පාරශ්වයක් වසින් කරන ලද සොයා බැලීමකදී ඔහු එම නියෝය කළේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවක් බව හෙළි විය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago