නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් ?

256 Views
1 Min Read

අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

එමෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී 18 දා පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කිසිසේත්ම මැතිවරණය කල්නොදාන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නැති බවත් ඔහු අවදාරණය කළා.

ලබන අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව කිව හැකියි යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Share This Article
Leave a comment