Economy

ඉන්ධන මිල ලබන මාසයේ අඩු වෙයි ද?

ඉන්ධන මිල ගණන් ලබන මාසයේදී අඩු කෙරෙනු ඇති බවට ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසනවා.

මෙම අඩු කිරීම සිදු කරනු ලබන්නේ, ඩොලරයේ වටිනාකම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට පිරිනැමීම අරමුණින් බව වාර්තා වනවා.

ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු ඉන්ධන වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව අප්‍රේල් මස මුල් සතිය වනවිට මෙම මිල අඩු කිරීම ප්‍රකාශ කරනු ඇතැයි බවට වාර්තා වනවා.

එහෙත් තවමත් නිශ්චිත තීරණයකට එළැඹ නොමැති බව සඳහන්.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා වන විට වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 67.48 දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු 71.46 දක්වාත් පහත බැස ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා.

2021 වසරේ ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මෙතරම් අගයකින් පහත වැටී ඇත්තේ පළමු වරටය. පසුගිය සමයේ බොරතෙල් මිල ඉහළ යාමට බලපෑවේ රුසියානු යුක්රේන යුද්ධයයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් රුසියාවට පැනවූ සම්බාධකවලින් පසුව, 2022 පෙබරවාරි මාසයෙන් පසු තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගියා.

පසුගිය සමයේ උද්ධමනය විශාල ලෙස ඉහළ යාමත්, ආර්ථික විද්‍යඥයන් විසින් ආර්ථික අවපාතයක් පිළිබඳව අනතුරු ඇඟවීමත් මත පසුගිය සැප්තැම්බර් මාසයේ සිට තෙල් මිල ක්‍රමයෙන් පහත වැටෙන්නට වුණා.

2023 වසරේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළි ඩොලර් 110 වනු ඇතැයි පුරෝකථනය කළ නමුදු එය ඩොලර් 85 ඉක්මවූයේ නැහැ.

පසුගිය සතියේ එක්සත් ජනපද ප්‍රාදේශීය බැංකු දෙකක් අසාර්ථක වීමෙන් පසු බැංකු පද්ධතිය පිළිබඳ ඇතිව ඇති බිය සහ කොටස් නිකුතුව අත්හිටුවීම නිසා ස්විස් බැංකු දැවැන්තයකු වන ක්‍රෙඩිට් සූස් ඇතුළු බැංකු වෙළෙඳපොළ අගයන් පහත වැටීමද බොරතෙල් මිල පහත වැටීමට බලපා ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago