Foreign

අමෙරිකාවට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානුවෝ ලක්ෂ අටක් හමුදාවට එක් වෙයි !

එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව
උතුරු කොරියාවේ රාජ්‍ය පුවත්පත වන ‘රොඩොං සින්මුන්’ ඊයේ (18) වාර්තා කළා.

ඒ අනුව ගෙවුණු සිකුරාදා දිනයේ පමණක් රට පුරා සිසුන් සහ කම්කරුවන් 800,000ක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

“හමුදාවට බැඳීමට තරුණ තරුණියන් දක්වන උද්යෝගය අපගේ වටිනා සමාජවාදී රට තුරන් කිරීමට උත්සාහ දරන යුද උන්මාදිකයන් අනුකම්පා විරහිතව අතුගා දැමීමට තරුණ පරම්පරාවේ නොසැලෙන කැමැත්ත ප්‍රදර්ශනය කිරීමක්. මෙලෙස ජාතික යලි එකමුතු කිරීමේ මහා අරමුණ නොවරදවා ම සාක්ෂාත් කර ගැනීමට ඉදිරිපත් වීම ඔවුන්ගේ උග්‍ර දේශප්‍රේමයේ පැහැදිලි ප්‍රකාශනයක්,” බවයි රොඩොං සින්මුන් පුවත්පත වාර්තා කළේ.

දකුණු කොරියානු සහ අමෙරිකානු හමුදා “Freedom Shield 23” නම් දින 11ක ඒකාබද්ධ අභ්‍යාස සඳුදා ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව පසුගිය බ්‍රහස්පතින්දා සිය Hwasong-17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) දියත් කළේ, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ උතුරු කොරියාවට එරෙහිව සටන් කිරීමේ ක්‍රම සාකච්ඡා කරන සමුළුවක් සඳහා දකුණු කොරියානු ජනාධිපතිවරයා ටෝකියෝ වෙත පියාසර කිරීමට පැය කිහිපයකට පෙර‍යි.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා යටතේ උතුරේ බැලස්ටික් මිසයිල තහනම් කර ඇති අතර, පසුගිය දා උතුරු කොරියාව කළ මිසයිල අත්හදා බැලීම සෝල්, වොෂින්ටන් සහ ටෝකියෝ ආණ්ඩුවල දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago