Foreign

පුටින්ට එරෙහි වරෙන්තු ගැන රුසියාවේ ප්‍රතිචාරය !

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවයි.

ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වනවා.

එමෙන්ම රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජනාධිපති කොමසාරිස් මාරියා බෙලෝවාටට් ද , සමාන චෝදනා මත වරෙන්තු නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් වන්නේ නැහැ. එබැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුව රුසියානු නායකයාට බලාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් ඇතැම් වාර්තා පවසන්නේ ව්ලැදිමීර් පුටින් වර්තමානයේදී රුසියාවේ ජනාධිපතිවරයා වුව ද අනාගතයේ දිනක ඔහුට එය අහිමි වනු ඇති බවයි. එවැනි අවස්ථාවකදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව විචාරකයන් පවසනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයා පවසන්නේ ජාත්‍යන්තර අපරධ අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුව පිළිගත නොහැකි බවයි.

එය නොසලකා හරින බව ද රුසියාව තරයේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. කෙසේවෙතත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් රුසියානු ජනාධිපතිවරයාට වරෙන්තු නිකුත් කිරීම ඓතිහාසික තීරණයක් බවයි යුක්රේන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago