Local

මීනගයා දුම්රියේ දී හමු වූ සිඟිති දරුවා ගැන කොළඹ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක් !

මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දමා ගිය සිඟිති දරුවා ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට අද 17 නියෝග කළේය.
මෙම සැකකාර තරුණ යුවළ ඇප ලබා දීමෙන් පසු අද දිනයේ දී ම විවාහ කර දීමට කටයුතු කරනු ලබන බවත් ඉන්පසු දරුවා ව භාරයට ගෙන රැකබලා ගැනීමට සූදානම් බවත් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .

දරුවාගේ සහ සැකකාර යුවළගේ ඩී එන් ඒ වාර්තා කැඳවීම සඳහා ලබන 21 දා උදේ 9 ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

සැකකාර තරුණ යුවල එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago