Local

පාසල් දරුවන්ට තහනම් වුණ යාපනයේ බස් රථ !

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල් සිසු දරුවන් ඇතුලත් නොකරගැනීමෙන් පාසල් දරුවන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථද උදෑසන කාලයේ බස්රථවලට පාසල් සිසුන් සිටින බස් නැවතුම්පලවලින් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල යන විට උදෑසන 09 වන අවස්ථාද පවතින බවට පාසල් දරුවන්ගේ දෙමාපියන් මැසිවිල නගනවා.

එමෙන්ම මේ දිනවල පාසල් වර්ෂාවසාන විභාගයන් පැවත්වෙන හෙයින් පාසල් සිසු දරුවන් වෙනුවෙන් බස් රථ නොනැවැත්වීම නිසා එම පාසල් ළමුන්ගේ විභාග කටයුතුවලටද දැඩි බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුව නිසාම මුලතිව්හි රථවාහන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටද මැදිහත් වී ධාවනය වන බස් රථ නවත්වා පාසල් ළමුන් බස්රථවලට ඇතුල් කිරීමට සිදුව ඇති අතරම බස්රථ රියදුරන්ටද අවවාද කිරීමට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් පාසල් ළමුන් සහ දෙමාපියන් පවසා සිටින්නේ අදාල බස්රථ දින කිහිපයක් පාසල් ළමුන් බස් රථවලට ඇතුල්කරගත්තද පසුව සුපුරුදු පරිදි බස්රථ නොනවත්වා ධාවනය කිරීම සිදුවන බවටත් මාස කිහිපයක්ම මෙම ගැටලුව බලධාරීන්ට පවසා සිටියද මේ වන තුරුත් විසඳුමක් නොලැබුනු බවටත්ය.

එසේම බස් රථ සිසුදරුවන්ට නොනැවත්වීම හේතුවෙන් සිසුදරුවන් විශාල පිරිසක්ට පැය කිහිපයක් උදෑසන් කාලයේදී ඉගෙනීම් අහිමි වන අතරම සවස් කාලයේදීද පැය දෙකක් හෝ තුනක් ප්‍රමාද වී නිවසට පැමිණීමට සිදුව ඇති බවටත්ය.

මේ හේතුව නිසා කඩිනම් විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී මාර්ගයන් අවහිර කොට මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලැබෙනතුරු දැවන්ත විරෝධයක් කිරීමට බලාපොරොත්තු වන බවට පාසල් සිසුදරුවන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියා

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago