Local

පානදුරේ දී 18 හැවිරිදි තරුණියක් දුෂණය කල පුද්ගලයින්ට වැඩ වරදී !

සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුළදීම සමූහ දූෂණයක් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර අරුක්ගොඩ සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 45, 24 සහ 23 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

සමූහ දූෂණය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු සහ සහායකයා ද එයට අනුබලදීම සම්බන්ධයෙන් ලොරි රථ හිමිකරු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

ඉකුත් 03 දා රාත්‍රි පානදුර නගරයේ වෙළද සැලක සේවය නිමවා, නිවසට යමින් සිටී තරුණිය නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයකට නංවාගෙන වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ගෙලට කිනිස්සක් තබා සමූහ දූෂණයක් කළ බවට වින්දිත තරුණිය පොලිසියට සිදුකළ ප්‍රකාශකයක් මත පොලිස් කණ්ඩායම් දෙකක් සිසීටීවී දර්ශන සියයකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය නංවාගෙන සමූහ දූෂණයට ලක්කල ලොරි රථය , කිනිස්ස සහ පුළුන් කොට්ටයක්ද සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

9 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

10 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago