Foreign

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ‌සහ පොලිසිය ගැටෙති (VIDEO)

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ.

ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඊයේ (14) ඔහුගේ ලාහෝර් නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් පොලිසියට ඉම්රාන් ඛාන් ගේ නිවසට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැති අතර එම අවස්ථාවේ ගැටුම හටගෙන ඇත.

ගැටුම හේතුවෙන් ලාහෝර් හි ඉම්රාන් ඛාන් ගේ නිවස පිහිටි සමන් පාර්ක් ප්‍රදේශය යුද පිටියක් වූ බවද පැවැසෙයි. අද (15) උදෑසන වන විට ගැටුම ආරම්භ වී පැය 14 ක් ගත වී ඇතත් ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පාලනය කරගැනීමට පොලිසියට හැකියාව ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ආධාරකරුවන් ටයර් සහ වාහන ගිනි තබමින් මාර්ග හරස් කර ඇති අතර ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් රැස්වීම හේතුවෙන් පොලිසියට පසු බැසීමට සිදුව ඇත.දෙපාර්ශවය අතර ගැටුමෙන් පොලිස් නිලධාරීන් 30 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් 15 පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. ඉස්ලාමාබාද් පොලිසියට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පන්ජාබ් පොලිසිය සහ රේන්ජර් බල ඇණියක් සහායට පැමිණ තිබේ. ඉස්ලාමාබාද් පොලිසියේ අරමුණ තමන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම බව ඉම්රාන් ඛාන් චෝදනා කර තිබේ.

අද (15) උදෑසන වන විට සමන් පාර්ක් ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතා ඉස්ලාමාබාද්, පේෂාවර්, කරච්චි සහ රාවල්පින්ඩි නගර දක්වා පැතිර තිබේ. රජයට එරෙහිව නැගී සිටින ලෙස ඉම්රාන් ඛාන් ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. ඉම්රාන් ඛාන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නැවත වරක් උත්සාහ කිරීමට සුදානම් වන ඉස්ලාමාබාද් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

එම උත්සාහය අසාර්ථක කිරීම සඳහා තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන්ට සමන් පාර්ක් වෙත පැමිණෙන ලෙස තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය පණිවිඩයක් ද නිකුත් කර ඇත. ටොක්ශානා සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පාකිස්තාන අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කරන ලදි.

එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වර ඉම්රාන් ඛාන්ගේ නිවසට ඊයේ (14) ඉස්ලාමාබාද් පොලිසිය ගිය අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයකුගෙන් ලැබුණු අත් ඔරලෝසුවක් ටොක්ශානා හි තැන්පත් නොකර විකිණීමට උත්සාහ කර බවට එල්ල වී ඇති චෝදනාවයි.

පකිස්තාන නීතියට අනුව රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago