පොල්පිතිගම නිකදළුපත ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ 55 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය.
කැත්තකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාව මෙලෙස මියගොස් තිබේ.
යතුරුපැදියක ගමන් කර සිටි පුද්ගලයකුට සහ ඔහුගේ දියණියට ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදී ඇත.
අදාළ ගැටුම පාලනය කිරීම සඳහා මියගොස් ඇති කාන්තාව එම ස්ථානයට පැමිණ තිබේ.
එහිදී සැකකරු විසින් එම කාන්තාවට ද කැත්තෙන් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබූ තිදෙනාම රෝහල්ගතකර ඇත.
පසුව එම කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ පියා සහ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…