Local

පාසල් සිසුන්ට විශේෂ පණිවිඩයක් !

බස්නාහිර සහ මධ්‍යම පළාත්වල පාසල්වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇත.

අපකළ විමසීමකදී අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මේ බව තහවුරු කළේය.

ඒ අනුව බස්නාහිර පළාතේ හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

එසේම බස්නාහිර පළාතේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග එළඹෙන 21 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ හෙට දිනය තුළ සිසුන්ට විභාග සඳහා පැමිණීමේදී ඇතිවිය හැකි ප්‍රවාහන අවහිරතා පිළිබඳව සලකාබැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

මේ අතර මධ්‍යම පළාත තුළ ද හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිත වාර විභාග කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව හෙට (15) පැවැත්වීමට නියමිතව තිබූ 6 සිට 9වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ වාර විභාග එළඹෙන 17 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

එසේම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේ නොවැළැක්විය හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවය.

මේ අතර සබරගමුව පළාත් අධ්‍යාපන කාර්යාලය තීරණය කර ඇත්තේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන්ගේ වාර විභාග එළඹෙන 22වනදා පැවැත්වීමටයි.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago